විශේෂ බළකා 229ක් මවුබිම රැකුමට එක්වෙති
මාදුරු ඔය විශේෂ බළකා පුහුණු පාසලේ හතළිස් හත්වැනි මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ විශේෂ බළකා නිලධාරීන් 09ක් හා සෙබළු 220ක් ඊයේ (19දා) මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී විසිර ගියහ.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සහ විශේෂ බළකා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු යුද හමුදාවේ හා විශේෂ බළකායේ සෙසු නිලයන් රැසක්ද, දෙදහසකට අධික ජනතාවක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
විසිරයෑමේ උලෙළට වර්ෂාවෙන් බාධා එල්ල වුවද දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන, ටයිකොන්ඩු සටන්, ප්‍රහාරක සටන්, නාගරික උපක්රමික ප්‍රහාරක සටන් වැනි සංදර්ශනවලින් හා පැරෂුට් සෙබළ සෙබළියන් 20 දෙනෙකුගෙන් යුත් දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින්ද මෙම උත්සවය අලංකාර විය.
දක්ෂතම ශාරීරික අභ්‍යාස සිසුවා සම්මානය සෙ/ 332916 ලා.කෝ. ආරියරත්න ඩී.කේ.පී. විසින් හිමිකර ගැනිණි. දක්ෂතම වෙඩික්කරුවා හා දක්ෂතම සිසුවා සම්මානය කෙනි/59399 දෙවන ලුතිනන් ජයසිංහ අයි.එම්.ඒ.ඒ. විසින් ද දිනාගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
























