(VIDEO) මානව දයාවෙන් පිරි මිනිසුන් බිහිවීම වැළැක්වීම සඳහා පාලකයන් විශ්වවිද්‍යාලවල පවතින ශාස්ත්‍රීය විෂයන් කප්පාදු කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සඳහන් කරයි.
අනාදිමත් කාලයක සිට පැවැත්වෙන ශාස්ත්‍රීය විෂයන් කප්පාදු කිරීම වහාම නතර කර ශාස්ත්‍රීය විෂයන් සඳහා බඳවා ගැනීම සිදු කරන ලෙස ඉල්ලා අද (22දා) එම භික්ෂු බලමණ්ඩලය විසින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කළේය.
ඉන් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතා රැලියක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
විරෝධතා පාගමනින් පැමිණි පිරිස් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තාප්පයේ ප්‍රදර්ශනය කර තිබූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සුබපැතුම් එක්කර තිබූ බැනරයක් ඉවත් කර අන්තර් විශ්වවිද්‍යාලීයීය භික්ෂු බලමණ්ඩලයේ බැනරයක් ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කළේය.
VIDEO
ඡායාරූප - ශමීර රාජපක්ෂ