විලච්චිය බිය කළ තනි අලියා අල්ලයි
විලච්චිය , තන්තිරිමලය, ඔයාමඩුව ආදී ප්‍රදේශ ගණනාවක කාලයක සිට නිවාස හා ගොවි බිම් විශාල වශයෙන් හානි කළ වන අලියකු අල්ලා ගැනීමට අනුරාධපුර වන ජීවි නිලධාරීහු සමත් වූහ.
විලච්චිය ඇතුළු ප්‍රදේශ රැසක සැරිසරමින් නිවාස විශාල වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම හා අර්ධ වශයෙන් විනාශ කළ මෙම තනි අලියා වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව අද (25දා) අලුයම විලච්චිය පේමඩුව යාය 06 මන්නාරම් හංදිය ප්‍රදේශයේ රක්ෂිතයේ අලි වැට ආසන්නයේදී අල්ලා ගනු ලැබ තිබේ.
අලියා ඇල්ලීම සඳහා ඊයේ (24දා) සවස මෙහෙයුමක් ආරම්භ කළ අතර අද (25) අලුයම එම වන අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට ඔවුන්ට හැකිව තිබුණි.
වයස අවුරුදු 30 ක් පමණ වන මෙම වන අලියාගේ උස අඩි නමයක් පමණ වන බව වයඹ වනජීවි කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
අල්ලාගත් වන අලියා හෙට (26දා) හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයන බව වන ජීවී නිලධාරීහු පැවසූහ. මෙම වන අලියා හඳුනා ගැනීමට කරපටියක්ද මේ වන විට පලඳවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








