මීට වසර පනහකට ඉහතදී විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කළ අඹුසැමි යුවළක් අද (08දා) උදෑසන අනුරාධපුර පිහිටි ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේදී චාරිත්රානුකූලව නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.
අංක 05 ප්රීමන් මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි හිටපු නගර නිර්මාණ ශිල්පියෙකු වන, 82 හැවිරිදි ඩබ්.බී ප්රනාන්දු මහතා හා 71 හැවිරිදි ඔහුගේ බිරිඳ වන රීටා මාලනී ප්රනාන්දු මහත්මිය යුග දිවිය වසර 50 ක් පිරීමෙන් අනතුරුව නැවතත් සිය විවාහය අලුත් කර ගැනීම මෙසේ සිදුකෙරුණි.