www.ada.lk
2026 ජුලි මස 29 වන බදාදා
1998 වසරේදී කොටි ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදේදී ගිලීගිය නාවික හමුදාවට අයත් ‘වාලම්පුරී’ නෞකාව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (03දා) සොයාගෙන තිබේ.
මගී ප්රවාහන යාත්රාවක් වූ මෙයට ප්රහාරය එල්ල වනවිට නාවික හමුදා සාමාජිකයන් 20 ගමන් කර තිබූ රථ ඒ සියලුම දෙනා ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
යුද්ධය හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම යාත්රාව සොයාගැනීමට මීට ඉහතදී නාවික හමුදාවට නොහැකි විය. පේදුරුතුඩුවට නාවික සැතපුම් 8ට පමණ නුදුරින් තිබී නෞකාව සොයාගෙන ඇති අතර, එහි කැඩී ගිය කොටස් මුහුදු පතුලේ තිබෙන බව නාවික හමුදාව නිවේදනය කරයි.
යාත්රාවේ පහෙන් එකක පමණ කොටසක් වැල්ලෙන් යටව ඇති බවත් එම කොටස් මේ වනවිට මුහුදු ජීවීන්ට උචිත ලෙස හැඩගැසී ඇති බවත් නාවික හමුදාව පවසයි.
popular news
ඉරානය හා ඇමෙරිකාව ප්රහාර නවත්වයි
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
VTOL ගුවන් යානා ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
හවුතිවරු සෞදියට පහරදෙයි
ඉරානය සමග මිත්රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
නිවසක් මිලදී ගැනීමට අසීරු රටවල් අතර ලංකාව දෙවැනි තැනට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd