ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති ප්‍රශ්න උත්තර තරගාවලියකින් ජයග්‍රහණය කළ දරු දැරියෝ 50 දෙනෙකුට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මව්බිම වටා ගුවනින් නිරීක්ෂණය කරමින් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළ තෙක් ගුවන් සවාරියක් යාමේ අවස්ථාව අද (01දා) උදාවිය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය සමගින් දරුවන් සඳහා සියළු පහසුකම් මෙන්ම මෙහි අනුග්‍රාහකත්වය දරනු ලැබීය.