ඉන්දියන් සාගරයේ පිහිටා ඇති සීෂෙල්ස් දිවයින අප්රිකාවට අයත් වෙයි. මැඩගස්කරය එයට ආසන්නයේ පිහිටා තිබෙන අතර, වස්කෝ ද ගාමාගේ ලෝක සංචාරයේදී ඔහු සීෂෙල්ස් දූපත් සමූහයටත් පැමිණ ඇත. ජනාධිපතිවරයෙකු විසින් රට පාලනය කරනු ලබයි. සීෂෙල්ස් දිවයින් සමූහය දූපත් 115 කින් සමන්විත වෙයි.