ලොව අවසන් උතුරු ධවල පිරිමි රයිනෝ මියයයි
සිය ජාතියේ මතු පරපුරක් බිහිවීම නවතාලමින් ලොව අවසන් උත්තර ධවල පිරිමි රයිනෝ අද(20දා) කෙන්යාවේදී මිය ගියේය. හතලිස් පස් හැවිරිදි මෙම රයිනෝ සිට ගැනීමටවත් අපහසුවෙන් වියපත්ව සිටි බව ඔල් පෙජේටා රක්ෂිතයේ නිළධාරීන් පවසයි.
මෙම පිරිමි සත්ත්වයාගේ දියණිය වන නජින් සහ ඇයගේ දියණිය වන ෆාටු පමණක් මෙම වඳව යන ජාතියෙන් ලොවට ඉතිරි කරමින් දඩයක්කරුවන්ගේ දැඩි තර්ජනයකට ලක්ව සිටි රයිනෝ මිය ගියේය.
ලොව විශාල අවධානයක් දිනාගත්, තම ජාතියේ වඳවී යාම වෙනුවෙන් සංචාරක සහ අදාළ නිළධාරීන්ගේ ආකර්ෂනය යොමුකරවාගත් තම ජාතියේ නියෝජතියෙකු ලෙසින් මෙම රයිනෝ හැඳින්විය හැකි බව රක්ෂිතයේ ප්රධාන විධායක නිළධාරීවරයා පවසයි.
සූඩානයේ උපන් මෙම සත්වයා සිය වර්ගයෙන් වනයේ උපන් අවසාන ජීවියා ලෙසින් වාර්තා වෙයි. විශේෂ ආරක්ෂාවක් විශේෂ ආහාර සැලැස්මක් සමග ආරක්ෂා කළ මෙම සත්ත්වයාගේ නික්ම යෑම බොහෝ දෙනෙකුගේ ශෝකයට හේතුවී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





