තමන් විසින් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ බවට ලිපියක් ලියා තබා සියදිවි හානි කරගත් බව කියන විශ්‍රාමික සාජන් මේජර්වරයාගේ දේහය අද (19දා)යළි ගොඩගනු ලැබීය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ඇඟිලි සලකුණු මියගිය සාජන් මේජර්වරයාගේ ඇඟිලි සලකුණුවලට සමානදැයි පරීක්ෂා කිරීම සඳහාඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස එම දේහය ගොඩගන්නා ලදී.
කෑගල්ල මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා සහ කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා ඉදිරියේ මෙලෙස ගොඩගනු ලැබුවේයුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික සාජන් මේජර් ඉලන්දරගේ එදිරිසිංහ ජයමාන්න මහතාගේ දේහයයි.
කරඩුපොන,පුවක්දෙණිය පොදු සුසාන භූමියේ ඉකුත් 16වැනිදා එම සිරුර මිහිදන් කර තිබිණි.
පසුගිය 14වැනිදා තම නිවසේ සිය දිවි නසාගත් කෑගල්ල, කරඬුපොන පදිංචිව සිටි මෙම විශ්‍රාමික සාජන් මේජර්වරයාමියයාමට පෙර ලිපියක් ලියමින් තමන් විසින් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ බවටසඳහන් කර තිබිණි.