'මිස් අර්ත් -2013' කිරුළ දිනා සිටින කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ අවසන් මහා තරගයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමටයි. පසුගිය සිකුරාදා ඇය බස්නාහිර පළාත් සභාවේ පරිසර අමාත්‍ය උදය ගම්මිපිල මහතා හමුවීමටත් ගියා. පරිසරය රැක ගැනීම පිළිබඳව ලොව පුරා යමින් දැනුවත් කිරීම කරන 'මිස් අර්ත්'ට ගම්මන්පිල ඇමතිවරයාගෙන් අලියෙක් තෑගි ලැබුණා. මේ සුරූපිනියට ඇතෙක් බරට තෑගි දෙන්න ඇමතිතුමාට හිතුන හින්දා අලියෙක් තෑගි දුන්නද දන්නෙ නෑ.