රැකියා නැති උපාධිධාරීන් 53000
වර්තමාන ආණ්ඩුව යටතේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා උපාධිධාරීන් 53,000 ක් රැකියා විරහිතභාවයට ලක්ව සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
මේනිසා උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (22දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්යාපාරයක් හා විරෝධතා පා ගමනක් පැවැත්වූහ.
විරෝධතාකරුවන් පා ගමනින් ගොස් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සංදේශයක් ලබාදීමට උත්සාහ කළ අතර, එහිදී ලොටස් පාරේදී මාර්ග බාධක යොදා පාගමන නැවැත්වීමට පොලීසිය කටයුතු කළේය.
උපාධිධාරි සංගමයේ නියෝජිතයන් 05 දෙනෙකු ජනාධිපති කාර්යාලයට යාමට අවස්ථාව ලබාදුන් අතර, එහිදී පෙබරවාරි අවසාන සතියේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පොරොන්දු වූ බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්ය තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.






