යුද්ධයේදී මියගිය රණවිරුවන් සමරමින් බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි යුද ස්මාරකය අසලදී හයවැනි රණවිරු සැමරුම් උත්සවය අද (19දා) සවස් යාමයේ පැවැත්විණි.
මියගිය රණවිරුවන්ගේ දූ පුතුන්, බිරින්දෑවරුන්, මවුපියන් ඇතුළු පවුල්වල සාමාජිකයෝ දිවයිනේ සෑම දිසාවක්ම නියෝජනය කරන පරිදි එයට පැමිණ සිටියහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මැතිඇමතිවරුන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් එම අවස්ථාවට එක්වුහ.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය