VIDEO- ශ්රී ලංකාව හරහා ප්රතිඅපනයන කිරීමට සැලසුම් කළ රුපියල් මිලියන 220 ක් පමණ වටිනා රත්හඳුන් දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට ඔරුගොඩවත්ත රේගු පරීක්ෂක කාර්යාලය සමත්විය.
ඩුබායි හරහා ලිමෝ මොනෝ නමැති නෞකාවෙන් ශ්රී ලංකාව හරහා වෙනත් රටකට මෙම රත්හඳුන් තොගය ප්රතිඅපනයනය කිරීමට සූදානම්ව තිබුණු අතර, රේගුවට ලැබුණු බුද්ධි තොරතුරක් මත අදාළ කන්ටේනරය ස්කෑන් කිරීමේදී එහි තිබූ රත්හඳුන් දැව තොගය හඳුනාගෙන තිබේ.
කැල්සියම් කාබනේට් යන නමින් ප්රතිඅපනයනය කිරීමට තිබූ රත්හඳුන් දැව කිලෝග්රෑම් 10,360 මීට සුළු මොහොතකට පෙර රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ප්රවෘත්තියට අදාළ ඡායාරූපය පහත වීඩියෝවෙන් නරඹන්න