මියන්මාරයෙන් ලැබුණ පුලස්ති රාජා දළදා මාළිගාවට බාරයි
- 8 09 2017
- 20:56
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව මෙරටට තෑගි ලැබුණු ,පුලතිසි රාජා, ඇත් පැටවා ජනාධිපතිවරයා අතින් අද (08දා) පස්වරුවේ නිල වශයෙන් ඓතිහාසික දළදා මාළිගාව වෙත භාර කෙරිණි.
අද පස්වරුවේ දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා පළමුව දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තේ ය.අනතුරුව ඓතිහාසික මගුල් මඩුවේ පැවති උත්සවයේදී ඇත් පැටවා දළදා මාළිගාව වෙත පූජා කිරීමට අදාළ සංදේශය දියවඩන නිලමේ නිලංග දෑල මහතා වෙත භාරදෙනු ලැබීය.
එමෙන්ම ඇත් පැටවා භාරව කටයුතු කළ මියන්මාර් ජාතික ඇත් ගොව්වන් දෙදෙනා වෙනුවෙන් තිළිණ ප්රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
