මාර්තු 12 දා ප්රකාශනය
- 12 03 2015
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන අායතන සඳහා දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබා දිමේදී දේශපාලන පක්ෂ විසින් සැලකිය යුතු නිර්ණායක අයත් ප්රකාශනයක් පැෆරල් පුරවැසි සංවිධාන ඒකා බද්ධ ප්‍රකාශයක් අද (12දා) කොළඹදී හඳුන්වා දුන්නේය.
ඒ සඳහා නිර්ණායක 8ක් ඇතුළත් වෙයි.
-
අපරාධ වරදක් සඳහා සිරදඬුවම් ලක්වූ හෝ අත්හිටවූ සිර දඬුවම් වලට ලක්වූවෙකු නොවිය යුතුය.
-
අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවෙකු නොවූ සමාජය පිළිගත්, චරිතවත් අයෙකු විය යුතුය. එමෙන්ම අල්ලස් හෝ දූෂන පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂා කාරී විය යුතුය.
-
මධ්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එවැන්නක් නොකළ අයෙකු විය යුතුය.
-
ජීව ආධාරක ව්‍යුහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාර වල යෙදුණු හෝ යෙදෙන අයෙකු නොවිය යුතුයි.
-
මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හා මහජන නියෝජිතයකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හෝ ගිවිසුමක පාර්ශ්වකරුවෙකු නොවන්නෙකු විය යුතුයි.
-
නාමයෝජනා ලබාදෙන අපෙක්ෂකයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හෝ එහි ජනතාව සමග සම්බන්ධතා පවත්නා අයෙකු විය යුතුය.
-
නාමයෝජනා ලබා දීමේදී කාන්තා හා තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අයස්ථාව ලබා දීමට ක්‍රියා කළ යුතුයි.
-
දේශපාලන බලය අනිසි හා අයුතු ලෙස භාවිතා නොකළ අයෙකු විය යුතුය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

