නැතිවූ හෝ සොරකම් කළ දුරකතනයක් සම්බන්ධයෙන් කළ යුතු දෑ සම්බන්ධයෙන් පොලීසිය මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. එසේම 2024 වසරේදී අස්ථානගත වූ දුරකතන 2796ක් හිමිකරුවන්ට භාරදීමට පොලීසියට හැකි වූ බවත් එම වසරේදීම සොකරම් කරන ලද ජංගම දුරකතන 928ක් දත්ත නිවැරදිව සම්පූර්ණ වීහ හේතුවෙන් මහජනතාවට ලබාදීමට ක්රියා කර ඇති බව පොලීසිය පවසයි.
2025 වසරේදී අස්ථානගත වූ දුරකතන 2355ක් හිමිකරුවන්ට භාරදීමට පොලීසියට හැකි වූ බවත්
එම වසරේදීම සොකරම් කරන ලද ජංගම දුරකතන 1019ක් අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කිරිමට පොලීසියට හැකි වූ බවත් පොලීසිය පවසයි.

