සන්දිවේලි පොලිස් වසමේ මොරකොටන්චේන කළුවන්කේණි මාර්ගයේදී පාපැදිකරුවෙකු කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත්, අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවටත් ලද පණිවිඩයකට අනුව සන්දිවේලි පොලිසිය මගින් විමර්ශන ආරම්භ කරන ලදී.මරණකරු අවුරුදු 44 ක් වූ පානගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ බිරිඳ හා දරුවා විසින් මෙම මරණය සැකකටයුතු බවට ප්රකාශ ලබාදී ඇති අත අනතුර සම්බන්ධ විමර්ශනයේදී මෙම අනතුර සැලසුම් සහගතව සිදුකළ අනතුරක් බවට නිරීක්ෂණය වී ඇත. අනතුරට සම්බන්ධ වයස අවුරුදු 24 ක් වන කැබ් රථ රියැදුරු අනතුරින් පසු පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා මරණකරු අතර පැවති පැරණි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදි අනාවරණය වී ඇත. සන්දිවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.