කරාපිටිය රෝහලට පිළිකා ආයතනක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් උපයා ගැනීමට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දින 28ක් තිස්සේ සංවිධානය කළ තරණය පාගමන අද (02දා) මාතර දෙවුන්දර තුඩුවෙන් අවසන් විය.
කිලෝමීටර් 670ක් ගමන් කළ පාගමනේ අරමුණ වූයේ ඩොලර් මිලියන පහක ආධාර උපයා ගැනිමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ඇතුළු පිරිස අද (02දා) වන විට ඩොලර් මිලියන තුනකට අධික ප්‍රමාණයක් ආධාර වශයෙන් උපයා ගැනීමට සමත්ව තිබේ.
මීට දින 28ට පෙර පේදුරු තුඩුවෙන් ආරම්භ කළ පාගමන අද නිමා වන අතර ආරම්භ කළ දිනයේ පටන් අද දක්වාම මහේල එයට සිය දායකත්වය සක්‍රීයව ලබාදුන්නේ සෑම දිනකම තිබ බිරිඳත් සමග පාගමනේ යෙදමිනි.
කරාපිටිය රෝහලට පිළිකා ආයතනයක් ඉදිකිරිම සඳහා මහේල ඇතුළු පිරිස ඊයේ මංගල ප්රතිශ්ඨාපනයද සිදු කළේය.