කරාපිටිය රෝහලට පිළිකා ආයතනයක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් අධාර එකතු කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ට්‍රේල් නමින් පාගමනක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට පසුගියදා ආරම්භ කරනු ලැබීය.
මේ වන විට එම ඉලක්කයෙන් 37%කට අධික ප්‍රමාණයක් ඔවුන් විසින් සපුරාගෙන ඇත. පේදුරුතුඩුවේදී පටන් ගත් පාගමනට මුලින්ම වියළි කාලගුණයෙන් බාධා ඇතිවිය. දැන් වර්ශාවෙන් බාධා ඇතිව තිබේ. කෙසේ වෙතත් අව්වට වැස්සට මහේල ඇතුළු පිරිසගේ පාගමන නවතාලිය නොහැකිය.
මහේල මෙන්ම ඇයකේ දයාබර බිරිඳ ක්‍රිස්ටිනාද ආරම්භයේ සිට මහේල හා මෙම පාගමනට එක්ව සිටියි. අද (24දා) කුසල් පෙරේරාද එයට එක්විය. කෙසේ වෙතත් උදෑසනදි වර්ශාව පතිත වුවත් එය ගණනට නොගත් මහේල, කුසල්, ක්‍රිස්ටිනා ඇතුළු පිරිස අඛණ්ඩව පාගමනේ ගියේය.
ජනතාවද වැසි නොතකා හැකි අයුරින් ආධාර ලබාදුන්නේය. අද දිනයේදී කොච්චිකඩේ සිට ජා ඇළ දක්වා කිලෝමිටර් 24ක දුරක් ආවරණය කිරිමට නියමිතය.