(UPDATE) බන්ධනාගාර ගතව සිටින යෝෂිත රාජපක්ෂයට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුජිත් මුදලිගේ මහතා අධිකරණය දැනුම් දුන්නේය.
ඒ අනුව ඔහුට ඇප දීම ප්රතික්ෂේප කළ මහාධිකරණය පෙත්සම යළි මාර්තු 8දා විභාගයට ගන්නා බව ප්රකාශ කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ඉල්ලමින් ගොනු කළ පෙත්සම අද (29දා) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැණින.
එම අවස්ථාවට ඔහුගේ පියාවන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණියේය. ඔහු නීතිඥ ලෝගුව ඇඳගෙන මහාධිකරණය ඇතුළට පිවිසුණි.
යෝෂිතගේ සහෝදරයා වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණියේය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු