ඉස්සර නම් කිව්වෙ 'මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි' කියලයි. මඩ සෝදාගත්තත් රජකම තිබා ජීවත්වෙන්නවත් නොහැකියි කියූ ගොවීන් පිරිසක් කොළඹට ආවා. ඒ තමන්ගේ සුපුරුදු ඇඳුමෙන්. වී වෙනුවට වට්ටියේ පත්රිකා පුරවාගෙන ඔවුන් මහජනතාවට තමන්ගේ අමාරුකම් කියමින් ගමන් කළා.