ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා
(UPDATED) සෞදි අරාබියේ මක්කම පූජනීය නගරයෙන් පිටත පිහිටි සුප්‍රසිද්ධ මිනා ප්‍රදේශය ආශ්‍රිතව අද (24දා) සිදුවූ තෙරපීම නිසා හජ් වන්දනාවට සහභාගි වී සිටි මුස්ලිම් බැතිමත්හු 700 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවද 863ක් පමණ වනු ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
බලධාරින්ට අනුව මෙම අවාසනාවන්ත සිදුවීම වන්දනාකරුවන්ගේ කඳවුරු දෙකක් එකිනෙක වෙන්වන ස්ථානයේ පිහිටා ඇති මාර්ගයක් ආසන්නයේදී හට ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් විනයක් නැති වන්දනාකරුවන්ට තමන් චෝදනා කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. මෙවර හජ් වන්දනාව සඳහා ලක්ෂ 20කට වැඩි මුස්ලිම් බැතිමතුන් පිරිසක් මක්කම පූජනීය නගරය වෙත පැමිණ සිටි බව විදෙස් වාර්තා පවසයි.
වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාවේ වසර 25ක ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස මෙය සැලකෙන අතර, මීට පෙර 1990 වසරේදී වන්දනාකරුවන් 1,426 දෙනෙකු මක්කම ආසන්න උමං මාර්ගයක් තුළ හුස්ම හිරවීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
popular news
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd