කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ බේරේ වැව මත ඉදිකළ පාවෙන වෙළෙඳ සැල (ෆ්ලෝටින් මාර්කට්) ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අද (25දා) සවස් කාලයේදී පැවැත්විණි.
කඩකාමර 92 ක්, සුපිරි අවන්හලක්, ගිමන් නිවන හරිත යායකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාද, ඩග්ලස් දේවානන්ද, ඒ.එච්.එම්. ෆවුසි යන ඇමතිවරුන්ද ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ඒ.එච්.එම්. අස්වර්, දුමින්ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු