යාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පලෙයි පුදුක්කාඩු ප්රදේශයේ අද (15 දා) උදෑසන සිදු වූ බස් - වෑන් අනතුරකින් 5 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව පලෙයි පොලීසිය පවසයි.
අනතුරට පත්වෑන් රථය වව්නියාවේ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර බස් රථය යාපනය සිට මතුගම දක්වා ධාවන වී ඇත.
උදෑසන බස් රථය යාපනය සිට පැමිණි අවස්ථාවේදී වව්නියාවේ සිට අධීක වේගයෙන් පැමිණි වෑන් රථය මෙසේ බස් රථයේ ගැටී ඇති බවටත් වෑන් රථයේ රියදුරුගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය කියා සිටියේය.