නියඟය නිසා කෝවිල් දිය කැපීම බේසමකට සීමාවෙයි
පවතින නියඟය හේතුවෙන් අද (01දා) පුත්තලම කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් දිය කැපිම සිදුවූයේ කරුමාරි අම්මන් මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරිපිටදී ආභරණ කුඩා බේසමක දමා චාරිත්‍ර ඉටු කිරිමේනි.
කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් වෙනත් වසරවලදී දියකැපීම සිදුවන්නේ පුත්තලම සේනකුඩිරිප්පුව විල්ලුව වැවේ අදාළ චාරිත්‍ර ඉටුකරමිනි. නමුත් වසර ගණනාවක සිට පුත්තලම දිස්ත්‍රික්කයට නිසි වර්ෂාවක් නොලැබීම නිසා ගංගා, ඇළ දොල, සහ සියලුම වැව් හා ජලාශ මේ වනවිට සිඳී යාම හේතුවෙන් හින්දු බැතිමතුන් තම චාරිත්‍ර වතාවත් වන දිය කැපීම කරුමාරි අම්මන් මෑණියන්ගේ ප්‍රතිමාවක් ඉදිරිපිට තබාගෙන කුඩා බේසමක ආධාරයෙන් සිදුකළහ.
එසේම ශ්‍රී කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් රටට සෙත් පතා වැසි වස්සන ලෙස ඉල්ලමින් සැතපුම් පහකට ආසන්න දුරක් පා ගමනින් ගමන් කර කරුමාරි අම්මන් වෙනුවෙන් කිරි කළ පූජා කිරීම ඊයේ (01දා) දහවල් සිදුවිය.
කරුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම විශේෂ කිරි කළ පූජාව සහ කාවඩි සේනකුඩිරිප්පුව විල්ලුව පත්තිනි අම්මාන් කෝවිලේ සිට 1 දින දහවල් පා ගමනින් කරුමාරි අම්මාන් කෝවිල වෙත ගමන් කිරීම සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





