මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වයත් සමගම ලංකාවේ ප්රථම වැව ලෙස සැලකෙන අනුරාධපුර පූජා නගරයේ පිහිටි අභය වැව හෙවත් බසවක්කුලම වැවේ ජලය සිඳීදිය නෑමට නොහැකි තත්ත්වයක පවතී. එය මේ වනවිට කුඩා දියකඩිත්තක් බවට පත්ව තිබේ.
අනුරාධපුර පූජා නගරයේ පදිංචි ජනතාව හා පූජා නගරයේ සංචාරයේ නිරතවන බැතිමතුන් මෙම වැවෙහි ජලය දියනෑමට සහ රෙදි සේදීමට භාවිත කරන අතර, මේ වනවිට පෑවිල්ලත් සමග වැව වියළී ගොස්වැව් පිටිය ඉරිතළා ගොස් ඇත.