මේ දවස්වල නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායකතුමා ගැන බොහෝ දෙනා ඇහැ ගහගෙන ඉන්නවා. ඒ අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියන කතාව එක්කයි. ඊයේ (14දා) කොළඹදී නිමාවට පත්වූ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාතික සමුළුව නිමා කරමින් ජනමාධ්‍ය උන්නතිය පිළිබඳ මහජන ප්‍රකාශයට අත්සන් කිරීමේ අවස්ථාවට අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, මන්ත්‍රී විජිත හේරත් සහ මන්ත්‍රී මනූෂ නානායක්කාර ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී හුවමාරු වූ රසවත් කතා අතරතුර අගමැතිතුමා අනෙක් පිරිස සමග මෙසේ සිනහ වූයේ 'නිමල් ඔය මට විරුද්ධ විශ්වාසභංගය නෙවෙයි' කියා කියමින්ද දන්නේ නැත.