නව නාවික හමුදාපති ජනපති අතින් පත්වීම් ලබයි
ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා අද (18දා) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම ලබා ගත්තේය.
ට්රවිෂ් සින්නයියා මහතා මෙම පත්වීමට පෙර නැගෙනහිර ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගේ ධුරකාලය මෙම මස 22 දිනෙන් අවසන් වන අතර ඒ මහතාගෙන් හිස්වන නාවික හමුදාපති ධුරයෙට සින්නයියා මහතා පත්කර තිබුණි.
නව නාවික හමුදාපති ට්රෑවින් සින්නයියා මහතා මෙම මස 22 දින සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.
1982 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති ට්‍රැවිස් සින්නයියා මහතා වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශර ( තෙවරක් ) හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.
මේ අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

