www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම නියම වී තබෙනවා. 2011 වසරේ ඔක්තෝබර් මාසයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙකු එරෙහිව නඩුව විභාග කළේය.මෙම නඩුව විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග විය. මෙසේ මරණ දඩුවම නියම වූ පුද්ගලයින් අතර දෙමටගොඩ චමින්ද නොහොත් චමින්ද රවී ජයනාත් යන අයද වෙයි.
ඔවුන් දෙදෙනාට අමතරව තුෂාර ද මෙල්, සරත් බණ්ඩාර හා ජානක බණ්ඩාර ගලගොඩ යන අයට මරණ දඩුවම නියම විය. ත්‍රිපුද්ගල විනිසුර මඩුල්ලක් හමුවේ නඩුව විභාග වූ අතර එහි සභාපති වූ ශිරාන් ගුණරත්න මහතා සැකකරුවන් සියලු චෝදනාවලින් නිදහස් කළේය. කෙසේ වෙතත් පද්මිනී එන් රණවක මහත්මිය හා එම්.බී.එස්. මොරායස් යන විනිසුරන් චෝදනා කිහිපයක් යටතේ දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට මරණ දඩුවම නියම කළෝය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd