ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා
ඇමෙරිකානු ජනාධිපතිවරණය අද (08දා) ඇරඹෙන විට ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මෙන්ම, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කරට කර සටනක සිටියි.
ඇමෙරිකානු මාධ්‍ය ආයතන විසින් සිදුකෙරුණු පූර්ව මැතිවරණ පුරෝකථනයන්ට අනුව හිලරි, ට්‍රම්ප් අභිභවමින් ප්‍රතිශතකාංක 3කින් හෝ 4කින් ඉදිරියෙන් සිටින බව කියයි.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණය පුරාම බොහෝ ප්‍රධාන දහරාවේ මාධ්‍ය හිලරි වෙනුවෙන් පෙනී සිටි නිසා මෙය එතරම්ම පැහැදිලි පුරෝකථනයක් නොවන බවද ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.
එනමුදු, මැතිවරණයට දිනක් තිබියදී, හිලරි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ අයථා ඊමේල් ගනුදෙනු පිළිබඳ සිද්ධියෙන් ඇය නිදොස් කිරීමට FBI ආයතනය කටයුතු කිරීම ඩිමොක්රටික් පක්ෂය වෙත යම් පිබිදීමක් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, මෙවර ඇමෙරිකානු මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බවට මුල සිටම චෝදනා නගමින් සිටි රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් අවධාරණය කරන්නේ, මැතිවරණයට දිනක් තිබියදී මේ ආකාරයෙන් හිලරි නිදහස් කිරීමට FBI ආයතනය යුහුසුළු වීම හරහා මැතිවරණයේ සාධාරණ බව පිළිබඳ සැකය වඩාත් ඔඩුදුවන බවයි.
popular news
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd