ප්‍රවාහන අමාත්‍යාංශ අධීක්ෂණ තනතුරෙන් තම සංගමයේ සභාපති ඉවත් කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය රියදුරු සංගමය අද (13දා) ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් සේවය නිමවී නිවෙස් බලා යාමට පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට පත්වූහ.
මරදාන දුම්රිය ස්ථානයේදී සවස මගීන් බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටි අතර බොහෝ වේලාවකට පමණ පසුව පැමිණි දුමිරියෙන් සිය නිවෙස් බලා යාමට මොවුන් කටයුතු කළේ සිය ජීවිතයද පරදුවට තබමිනි.
දුම්රිය වර්ජනය නිම වුවද ඇතැම් රියදුරන් තවමත් සේවයට වාර්තා කර නොමැති බැවින් දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය.