මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ඊයේ (29දා) ගමන් ගත් දිනයේම මහනුවර නගරය බැතිමතුන් විසින් අපවිත්‍ර කර තිබිණි.
පෙරහර නැරඹීම සඳහා එහි පැමිණි ජනතාව අසුන් ගෙන සිටි ඉටිකොළ හා ආහාරපාන ඔතා තිබූ කඩදාසි හා කසළ, ප්ලාස්ටික වතුර බෝතල් ආදිය මාර්ගයට බැහැර කර නගරය අපවිත්‍ර කර දමා ගොස් තිබිණි.
පෙරහර ආරම්භ වීමට ප්‍රථම දියවඩන නිලමේවරයා විසින් මහනුවර නගරය අපවිත්‍ර නොකරන මෙන් ජනාතාවගෙන් ඉල්ලා සිටියේය. තමන් ගෙනෙන දේ ආපසු නැවත ගෙනයන ලෙස සියලු මාධ්‍ය හරහා දැනුවත් කිරීම් කටයුතු සිදුකළද, ජනතාව එය ඉටුකර නොතිබිණි.
මහනුවර මහනගර සභා සේවකයින් විසින් ඒවා කඩිනමින් ඉවත් කරන ලදී.