කතරගම මහාදේවාලයේ සිටි ‘බානු’ නැමති වයස අවුරුදු 12 ක පමණ අලි පැටවා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාදී තිබූ නියෝගයක් මත අද (07දා) දින වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් හා රහස් පොලීසිය එක්ව කතරගම දේවාල භූමියේ වනජීවි භාරයට ගත්තේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්ර අංක 200 යටතේ මෙම අලි පැටවා ලියාපදිංචි කර ඇති අතර, අලි පැටවා ඌව පළාතේ ප්රධාන දේශපාලඥයෙකු බාරයේ සිටි බවට කතාබහට ලක්වුවත් අලි පැටවාගේ ලියාපදිංචිය සිදුකර ඇත්තේ මාතර පාලටුව මාලිම්බඩ ප්රදේශයේ පදිංචි ඩිල්ෂාන් වික්රමරත්න ගුණසේකර යන පුද්ගලයෙකුගේ නමට වේ.
කතරගම දේවාලයේදී අද (07) දින අත්අඩංගුවට ගත් බානු නැමති මෙම අලි පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන යන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.