ඔබ වැනි නායකයෙක්
- 19 08 2014
- 09:23
- {{hitsCtrl.values.hits}} views
- . .
ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු ලෙස මහේල ජයවර්ධනගේ දස්කම් ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඉතිහාසය ඊට සාක්ෂි දරයි. එහෙත් මහේල වැනි උපායශීලී, තියුණු නුවණැති නායකයෙකු ක්‍රිකට් පිටියට කලකින් බිහි නොවේ.
නායකත්වය යන ලේබලය තිබුණත්, නැතත් කණ්ඩායමේ නියමුවා වෙමින් පරාජය පෙනි පෙනී සටන් කරන්නට මහේලට තිබුණේ සුවිශේෂී ශක්තියකි. ඔහුගේ එකම අරමුණ වූයේ තමාගේ ජයග්‍රහණය නොව කණ්ඩායමේ ජයග්‍රහණයයි.
තමන් කණ්ඩායමට දක්වන දායකත්වයයි. මහේල කණ්ඩායමේ නායකයාව සිට ඉන් ඉවත්වන්නේ පළමුව ක්‍රීඩකයෙකු ලෙස තමන්ගේ දායකත්වය උපරිමයෙන් දැක්වීමට අවශ්‍ය නිසාය.
තවත් වසර කීපයකින් නායකත්වය යළි බාරගන්නේ කණ්ඩායම ඉදිරියට ගෙනයාමට නායකත්වයක් අවශ්‍ය බව තේරුම්ගත් හෙයිනි. එයින් නොනැවතී තරුණයෙකු පුහුණුකර ඔහුට නායකත්වය දී ඔහු පිටුපස යෝධ ශක්තියක්ව මහේල සිටියේය.
මහේල...
ක්‍රිකට් පිටියේ ඔබ මෙන් අවශ්‍ය විට ඉදිරියට එන, බලය අත්හරින්නට අවශ්‍ය වූ විට අත්හරින, එහෙත් කණ්ඩායම අසීරුවේ නොදමන නායකයන් මේ රට ඉදිරියට ගෙනයාමට තවතවත් පහළවෙන්නේ නම් ...! අපූරුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

