පොලොන්නරුව සෙවනපිටිය ගිනිදමන ප්රදේශයේ ඉසෙඩ් ඩි ඇළට වැටී සිටි වන අලියෙකු වන ජීවී නිලධාරීන් විසින් දැඩි පරිශ්රමයකින් අනතුරුව අද (14) දා ගොඩට ගනු ලැබීය.
ඊයේ 13 දා රාත්රියේදී වන අලියා ඇළට වැටි ඇති අතර අලියාගේ උස අඩි අටක් පමණ වන බවත් වයස අවුරුදු 30 පමණ වෙතැයි වන ජීවී නිලධාරීන් සඳහන් කළේය.
ලණු හා ටයර් ආධාරයෙන් සකස් කරන ලද දම් වැල් ඉනි මගක් සකසා අලියා ගොඩ ගැනීමට වන ජීවී නිලධරීන් කටයුතු කළේය.