උඩවළව - තණමල්විල ප්රධාන මාර්ගයේ උඩවලව ජලාශයේ බැම්ම මතදී අද (17දා) පෞද්ගලික බස් රථයක් හා වැලි ප්රවාහනය කරන ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් සිවුදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සෙවනගල පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් උඩවළව ග්රාමීය රෝහලට සහ ඇඹිලිපිටිය දිසා මහා රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට පත් බස් රථය අපරික්ෂාකාරී ලෙස තවත් බස්රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අජිත්ලාල් ශාන්තඋදය/කොලොන්නේ - ජේ නානායක්කාර