අම්පාර රෝහලේ තුන් නිවුන් දරු උපතක් - ඔබේ උපකාරය ඉල්ලයි
- 17 10 2014
- 19:27
- {{hitsCtrl.values.hits}} views
- අම්පාර වසන්ත චන්ද්‍රපාල
අම්පාර මහ රෝහලේදී අද (17දා) පෙරවරුවෙි මවක තුන් නිවුන් දරුවන් බිහිකළාය. ගැහැණු දරුවන් තිදෙනාම හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් සිටින බව නාරිවේදී විශේෂඥ වෛද්‍ය තුසිත පාදෙනිය මහතා පැවසීය.
අම්පාර මහඔය ප්‍රදේශයේ ටැමිපිටිය ගමිමානයේ ජේ.එමි.උමෙිෂා පි්රයදර්ශණී (27) නැමැති මව මෙම දරු උපත සිදුකළාය. ඇයගේ ස්වාමි පුරුෂයා වන ඩී.ඩී. චමින්ද නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
දරුවන් තිදෙනාගේ කටයුතු සඳහා සිය ස්වාමියාගේ වැටුප ප්රමාවණවත් නොවන බැවින් එ සඳහා සහයෝගයක් දෙන ලෙසද මව ඉල්ලීමක් කළාය.
මෙම මවට උපකාර කිරීමට කැමැති අය සිටි නම් ඒ පිළිබඳ තොරතුරු අම්පාර මහ රෝහලෙන් ලබා ගත හැකි බව අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ලංකා තිලක ජයසිංහ මහතා පැවසීය.
දුරකතන අංක (අම්පාර මහ රෝහල) 063-2222261, 077- 7112866
විශේෂඥ වෛද්‍ය තුසිත පාදෙනිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

