අනුරාධපුරයෙන් පැරණි කාසි සහිත මැටි බඳුනක්
- 19 10 2017
- 18:50
- {{hitsCtrl.values.hits}} views
- . .
අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදු කරන ලද කැණීම් හා සංරක්ෂණ කටයුතුවලදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් හමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රතු පැහැති මැටි බඳුනක් තුළ තිබූ විවිධ සංකේත සහිත කාසි 325 ක් හා රෙදි කැබලි කිහිබයක් මෙසේ සොයා ගත් දෑ අතර වන බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඡේතවන ව්‍යාපෘතිය මගින් කැණීම් සිදු කරන අතර පුරාවස්තු සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුවෙමින් පවතින බවත් අමාත්‍යාංශය පවසයි.
උත්තිය රජ දවස ඉදි කළ බවට විශ්වාස කෙරෙන මෙම විහාරයේ ගරාවැටුණු ස්තූපයක්, ආසන ඝරයක් හා ටැම්පිට විහාරස්ථානයකට අයත් බවට අනුමාන කළ හැකි ගල් කණු සහිත ස්මාරක දක්නට ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





