අද ජාතික පුවත්පතට තවත් ජාත්‍යන්තර සම්මානයක්
- 7 03 2014
- 19:34
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
තායිලන්තයේදී පැවති ‘ඇඩ්ෆෙස්ට් 2014’ (ADFEST 2014) නිර්මාණශීලීත්ව සම්මාන උලෙළේදී ‘අද’ ජාතික පුවත්පතට තවත් රන් සම්මානයක් පසුගිය 7 වැනිදා හිමි විය.
ලියෝ බර්නේට් ශ්‍රී ලංකා ආයතනය, විජය පුවත්පත් සමාගමේ ‘අද’ ජාතික පුවත්පත සමග එක්ව නිර්මාණය කළ ‘එක්සත්භාවයේ පුවත්පත’ (Unity Paper) වෙනුවෙන් ප්‍රවර්ධන අංශයේ හොඳම මුද්‍රණ භාවිතය/සාම්ප්‍රදායික බාහිර ප්‍රචාරණය (Print/Conventional Outdoor) සඳහා වූ රන් සම්මානය (Promo Lotus Gold) මෙසේ හිමි වී ඇති අතර, එය එම අංශයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වෙයි.
ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම දැන්වීම්කරණ මහෝත්සවයක් හා සම්මාන උලෙළක් වන ඇඩ්ෆෙස්ට්, සෑම වසරකම තායිලන්තයේ පටායා හිදී පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
