දරුවන් අට දෙනෙකු මෙලොවට බිහිකළ වයස අවුරුදු 88 ක මාතාවක වරකාපොළ, දොරවක, උඩබාගේ ප්ර‘දේශයේ කුඩා පැල්පතක් තුළ තනිකර දමා සිටියදී ඊයේ (28දා) වරකාපොළ පොලීසියට හමුව ඇත.
පොලිස් හදිසි අංකයට ලද ඇමතුම් මත මෙම මව සොයාගෙන ඇති අතර, මව සොයාගන්නා ටිවත් ඇය දින ගණනක් නිරාහාරව දුබලව සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම මව වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය කටයුතු කළ අතර, මෙම මහලු මව තනිකර දමා සිටි ඇගේ දරුවන් අට දෙනා සොයා පොලීසිය පරීක්ෂණ සිදුකරයි.