යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාශය මගින් සංවිධානය කරනු ලබන ‘ව්‍යවසාය 2014’ අලෙවි ප්‍රදර්ශනයේදී පසුගිය 14දා සිට 16 වැනිදා දක්වා ‘අද’ ජාතික පුවත්පතේ කුටියෙන් සෑම පැය භාගයකට වරක්ම රු.5,000/- ක තෑගි වව්චර් ඔබට දිනාගැනීමට අවස්ථාව හිමිකර දෙන ලදී.
ඒ අනුව, ‘ව්‍යවසාය 2014’ ප්‍රදර්ශනය ආරම්භ කරමින් එහි පැමිණි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ‘අද’ පුවත්පත් කුටියෙන් පිරිනැමූ ප්‍රථම රු.5,000/- ජයග්‍රාහකයා තෝරා ගැනුණු අතර, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු අතින්ද ජයග්‍රාහකයන් තොරා ගැනුණි .
යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාළ විවිධ පුහුණු පාඨමාලාවන් හදාරා සාර්ථකව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන්ගේ වෙළෙඳ කුටි 265කට අධික ප්‍රමාණයක් මෙවර ‘ව්‍යවසාය 2014’ වෙළෙඳ ප්‍රදර්ශන භූමියේ විවෘතව පැවති අතර, පාරිභෝගිකයන්ට පහසු මිලට භාණ්ඩ සැපයීම වෙනුවෙන් එකී ව්‍යවසායකයන් සැදී පැහැදී සිටිනු දක්නට ලැබිණි.
‘අද’ ජාතික පුවත්පත් කුටියේදී සෑම පැය භාගයකට වරක්ම රු.5,000/- බැගින් සෑම දිනකම රු.100,000/- ක් වශයෙන්, මෙම දින තුනක කාලය තුළදී ‘අද’ කුටියට පැමිණි පිරිසෙන් තෝරාගත් ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් 60 දෙනෙකුට රු.ලක්ෂ තුනක් (රු.300,000/- ක්) පිරිනැමීය.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ එකම සහ සුවිශාලතම වින්දනය උද්‍යානය වන ලෙෂර්වර්ලඩ් වෙත පවුල පිටින්ම යෑම සඳහා ලෙෂර්වර්ල්ඩ් සවාරි දිනුම් ඇදීමක්ද, කොටස් වෙළෙඳ පොළ ආයේජනයට මගපෙන්වීමක් ලැබෙන කොටස් වෙළෙඳ පොළ ආයෝජක පාඨමාලා දිනාගැනීමටත් අද කුටියේදී අවස්ථාව හිමිවිය.
‘ව්‍යවසාය 2014’ වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහතා සහභාගි වූහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු