රාජකාරියේ යෙදී සිටියදී වික්‍රමාන්විත ලෙස දිවි පිදූ පොලිස් විරුවන් මෙන්ම වීරවරියන්ද සිහි කිරීමේ උත්සවය සෑම වසරකම මාර්තු මස 21 වන දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සමරනු ලබයි. 1864 වර්ෂයේ මාර්තු මස 21 වන දින කන්ද උඩරටට පිවිසෙන සතර කෝරලයේ උතුවන් කන්ද පාමුලදී ‘සරදියෙල්’ අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ අනුග්‍රාහකයා ‘මම්මලේ මරික්කාර්’ විසින් සිදුකරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් වික්‍රමාන්විත ලෙස රාජකාරීයේ යෙදී සිටියදී දිවිපිදූ ප්‍රථම පොලිස්භටයා වීමේ ගෞරවය හිමිකරගත් පොලිස් කොස්තාපල් ‘සහාත්’ මියයාමේ සිද්ධිය මුල්කරගෙන මෙම සැමරුම් උත්සවය සිදුකරනු ලබයි.
එදා මෙදා තුර දිවි පුදා ඇති නිත්‍ය සේවා හා උපසේවා පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 3107 ක් වේ. මේ අතුරින් නියෝජ්‍ය පොලිස්පතිවරයකුද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සිව්දෙනෙක්ද, පොලිස් අධිකාරීවරු 08 ක් සහකාර පොලිස් අධිකාරීවරුන් 16 ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 23 ක්, පොලිස් පරීක්ෂකවරු 94 ක්ද, උප පොලිස් පරීක්ෂකවරු 189 ක්ද, මහ සැරයන්වරු දෙදෙනෙක්ද, පොලිස් සැරයන්වරු 177 ක්ද, පොලිස් කොස්තාපල්වරු 2413 ක්ද, පොලිස් සැරයන් රියදුරු 10 ක්ද, පොලිස් කොස්තාපල් රියදුරන් 160 ක්ද, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 15 ක්ද අද දිනයේ ගෞරවාභිමානපූර්වකව අනුස්මරණය කරනු ලබයි. මෙම නිලධාරීන් අතරට කාන්තා නිලධාරීන් 15 දෙනෙකුද අයත් වීම ඉතා සුවිශේෂී කරුණක් ලෙස සඳහන් කළ යුතුයි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු