ශ්‍රී ලංකා නැව් සංස්ථාව සඳහා 2023 වර්ෂය වන විට මෙරට රාජ්‍ය ආයතන 22ක් සහ අර්ධ රාජ්‍ය ආයතන 48කින් රුපියල් කෝටි 152කට අධික මුදලක් (1,525,359,729) ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අය වීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කොට තිබූ නවතම විගණන වාර්තාවක සඳහන්වේ.
විදුලි සන්දේශ බද්දෙන් උපයන ලද ආදායම 2023 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මාස 09 ක කාල සීමාව තුළ දී රුපියල් බිලියන 13.8 ක් දක්වා 29.4% කින් වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවක සඳහන් වේ.
Read Moreඉන්දීය ධීවරයන් උතුරු - නැගෙනහිර සිදු කරන නීති විරෝධී මත්ස්‍ය අස්වනු නෙළීම නිසා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 02ක පමණ ආදායමක් අහිමි වන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුදුඋත්සවය වෙනුවෙන් මේ මස 10වන දින සිට 15වන දින දක්වා කාලය තුළදී ප්රුධාන දුම්රිය මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ විශේෂ දුම්රියන් ධාවන කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
Read Moreමෙරට තුළ ඉහළ ලවණතාවෙන් යුත් කුඹුරු අක්කර ලක්ෂ 02ක චීනයේ ’සී රයිස්’ ප්‍රභේදය වගා කිරීමට නියමිත බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (03දා) පැවති වැඩසටහනකදී අනාවරණය විය.
Read Moreඕනෑම විවාදයක් පිළිබඳ අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreවසර 05ක කාලයක් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවාගෙන සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වරම මහමොළකරු පිළිබඳ ප්‍රකාශයක් කරනු ලැබුවේ ඔහුට වාසිදායක මැතිවරණයක් ආසන්න කාලයක් නිසා බව ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසීය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඒ මහතාගේ කිසිදු සහායක් නොලැබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රමින්ද්‍ර වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා) දැනුම් දුන්නේය.
Read Moreගුවන් මගීන්ගේ ඉල්ලුමට අනුව ශ්‍රී ලංකන් සමාගමට තවත් ගුවන්යානා 10ක පමණ අවශ්‍යතාවක් තිබෙන බවත් කල් බදු ක්‍රමයට ගුවන්යානාහතරක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණත් දැනට තිබෙන තත්ත්වය අනුව ලබාගත හැක්කේ ගුවන්යානා දෙකක් පමණක් බවත් ශ්‍රී ලංකන් ගුවන්සේවාසමාගමේ සභාපති අශොක් පතිරගේ මහතා සඳහන් කළේය. කල් බදු ක්‍රමයට ගන්නා එක් ගුවන්යානයකට ඩොලර් තුන්ලක්ෂ හැටදහසක් මාසයකට ගෙවීමට සිදුවන බවත් දැනට තිබෙන සමහර ගුවන්යානාවලට මාසයට ඩොලර් හත්ලක්ෂ පනස්දහසක් පමණ ගෙවන බවද පව
Read Moreවසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා පැය 06 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 05.15 ට පමණ නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් තිදෙනා වෑන් රථ තුනකින් යාපනය සිය ගම් ප්‍රදේශ බලා පිටත්ව ගියහ.
Read Moreගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreමෑත කාලීන සමීක්ෂණයකට අනුව, Gen Z කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම සංචාරය වීමට සලකා බලන අතර ඒ අනුව ඔවුන්ට වඩාත් ආරක්ෂිතව තනිව සංචාරය කිරීමට සුදුසුම රට බවට ශ්‍රී ලංකාව නම්කර තිබේ.
Read Moreජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreහිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන ශ්‍රී ලාංකිකයින් තිදෙනා රඳවා සිටි විශේෂ කඳවුරෙන්ද ඊයේ (02දා) රාත්‍රී නිදහස් කර තිබේ.
Read Moreනොර්වුඩ් පොලිස් වසමට අයත් රොක්වුඩ් වතුයායේ තේ වත්තේ අටවා තිබු කම්බි මන්දකට කදුකර කොටියා හසු වි දින ගණනාවක් ගත විම නිසා කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිරුර දැඩි ලෙන නරක් වි තිබු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ.
Read Moreසැකකරුවෙකු කිසියම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දහවල් සිරමැදිරිය තුළ ඇද වැටී හිසට සිදුවූ තුවාල සහිතව අද 03දා රෝහල්ගත කර බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreකොටහේන මෝදර අලුත් මාවත පාලම අසල ප්‍රදේශයේ දි ඊයේ (03) අලුයම ලේලන්ඩ් පුද්ගලික බස් රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්වී සම්පූර්ණයෙන් විනාශ ඇති බව කොටහේන පොලිසිය පවසයි.
Read Moreරිමාන්ඩ් භාරයට පත්කර සිටින තමන්ට ඇප ලබා දෙන ඉල්ලමින් හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී 2.2% ක මධ්‍යස්ථ වර්ධනයක් ලබා ගනු ඇති බවත් 2022 වසරේදී මුහුණ දුන් දැඩි ආර්ථික පසුබෑමෙන් පසු රට ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරමින් පවතින බවත් ලෝක බැංකුව පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තවමත් පවතින ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාවය සහ ශ්‍රම වෙළඳපොළ උච්ඡාවචනයන්ට මුහුණ දෙන බව ලෝක බැංකුව පවසයි.
Read Moreතායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වූවාය.
Read Moreසත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 192කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසද ජය ග්‍රහණය කළේය.
Read Moreබස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා කළුතර අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් පසුගිය 02 දා සිදුකරණලද වැටලීම් වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreතම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කෑම බීම නොදී ඔහුට ජීවත් වී පලක් නැති බව කියමින් හඬ හඬා සිටි බවට තිස්සමහාරාම පොලීසියට තොරතුරු ලැබී ඇත.
Read Moreආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් මොනරාගල ආයුර්වේද ඔසුසැලේ රුපියල් දහතුන්ලක්ෂ පනස්දෙදහස් හයසියහතළිස් නවයයි සත හැත්තෑපහක මුදල් වංචාවක් සිදුවී ඇති බවට මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට ඉකුත් (01) වෙනිදා පැමිණිල්ලක් ලැබී ඇත.
Read Moreඅනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read More