saravita-anim2

2025 ජුනි මස 25 වන බදාදා

2025 ජුනි මස 25 වන බදාදා

Latest News - timelapse 2337 hours ago

LATEST

සිම්බාබ්වේට ලකුණු 274 ක ඉලක්කයක්

calendar_today 2024 ජන 06 - 18:21 remove_red_eye - 393  

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 273ක් රැස්කරමින් සිම්බාබවේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් ලබා දුන්නේය.

අවුරුදු 157 ක පොලිස් ඉතිහාසය තුළ යෝධ පිම්මක් පනිමින් මෙතෙක් විසදා ගැනීමට නොහැකි වූ විශාල ගැටලුවකට පිළියමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ අපරාධකරුවන් මුහුණ මගින් හදුනා ගැනීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු හෙට (07දා) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරය ඉතාමත් ප්‍රශස්ත, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කීර්තිමත් වැඩසටහනක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

Read More

ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝමීටර් 50 ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා නෙදර්ලන්ත ජාතික පෙම්වතකු සමඟ මෙරට පැමිණ ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්ව්ස්ටර්ලන්ත ජාතික විදේශික තරුණියක් හදිසියේ රෝගී වී අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (5) දහවල් මියගිය බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද “පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද” වැඩසටහනේ දෙවන වැඩසටහන ඊයේ දින (04) වයඹ පළාත මුල් කරගෙන සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා කාර්යාලයේ දී පවත්වන්නට යෙදුනි.

Read More

13 වන සංශෝධනය මඟින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන්න බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතුයි. 2024- 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කරන වසර දෙකක්. රට ගොඩනැඟීමේ දී උතුරු පළාතෙන් පුළුල් දායකත්වයක් ලබාගත හැකියි – උතුරු පළාත් වෘත්තීයවේදීන් හමුවේ ජනපති අවධාරණය කරයි.

Read More

බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි.

Read More

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වෙළෙඳ පොළ වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ පාර්සල් 11 ක් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/04 දින සවස සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා. පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන්. 2025 වන විට නැවත පදිංචි කිරීම් සියල්ල අවසන් කිරීමට උපදෙස්. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලිමේ කටයුතු කඩිනම් කරනවා. උතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳීමට ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් උතුරට. උතුරු පළාත කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානය

Read More

මොහු මීට ටික කළකට මෙවැනිම ආකාරයට රැකියා සදහා විදේශ ගත කරන බව පවසා පුද්ගලයන්ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීම පිළිබඳ වැරදි කරු වී වසර හතරහමාරක කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිට පැමිණ තිබුණි .

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

බෲස්ලි විසින් මුලින්ම හැදෑරූ සටන් කළා ශෛලිය වන ’’ විංචුං ’’ (Wing Chun ) සටන් කළා ශෛලියේ නව වන පරම්පරාවේ නිල උරුමක්කරු වන ’’ ය සඕරොන්ග් ’’ ( Ye Shaorong ) මහතා එම ශෛලියේ සටන් කළා වැඩසටහනකට සහ පුහුණු වැඩසටහනකට සහභාගී වීම සදහා තවත් සටන් ශිල්පීන් 07 දෙනෙකු සමග 01/04 දින රාත්‍රී චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවත් කිසිදු අයකුට කිසිදු ඇමතිකමක්, තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකම් ලබා නොදෙන බවත් මෙම සන්ධානයට ගනු ලබන්නේ සමගි ජන බලවේගය පිළිගන්නා මැද මාවත අනුව කටයුතු කරන පිරිස බවත් වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරු රඳවා ගැනීම සහ බඳවා ගැනීම සිදු නොකරන බවත් එම සංස්කෘතියට නැවතීමේ ළකුණ තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ රංගනය අනුකරණය කිරීම සහ ඒ අනුසාරයෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ චෝදනා ලැබු රංගන ශිල්පීන් පස්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (04) තීරණය කළේය .

Read More

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී 18% කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50% කින් පමණ අඩු කිරීම කඩිනමින් සිදු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ඊයේ (4දා) පැවසීය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක්කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයන්ට පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට ද වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම ඇරඹේ. වයස අවුරුදු 21ට අඩු පිරිස සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීමට වෛද්‍යාධාර. කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර. වෛද්‍යාධාර ලබාදීමේ දී සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කෙරේ.

Read More

2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙනවා – වෙ‍ළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු

Read More

ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් මූල්‍ය සමාගමක පිරිසක් විසින් පැහැරගෙන යද්දී අනතුරකට ලක්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

• 2023.06.30 දිනට ලැබිය යුතු මුළු බදු ආදායම රුපියල් බිලියන 943ක් • බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදු හිමියන් පවා බදු ගෙවා නැහැ • පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකියි • පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන 323 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ ඒවා රැගෙන යමින් තිබූ වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් 01/03 දින සවස කොළඹ - කටුනායක අධ්වේගී මාර්ගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

Read More

ගෝනපොල කෝරලඉම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ කාර්යාලයේ තිබු උපත් පාලන කොපු තොගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 72 කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී ලොරියක් සහ සුඛෝභෝගී වෑන් රථයක් ඊයේ (3) රාත්‍රී එකිනෙක ගැටීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කුරුඳුගහ හැතැක්ම රථවාහන පොලිසිය කියයි.

Read More

සීගිරිය/දඹුල්ල ව්‍යාපෘතිය සදහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සහ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මේවන විට ලබා ගෙන ඇති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සදහන් කරයි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි ඔහුගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියානු සමාගමෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ලංකා සුපර් ඩීසල් වලට අදාල මිළ පදනමම ඔටෝ ඩීසල් සඳහා යොදාගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන (4.6 )හෙවත් රුපියල් කෝටි 170 ( මිලියන1669)කට ආසන්න මුදලක් සංස්ථාව පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි මස දෙවෙනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවෙන් හෙළිකර සිටි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.