2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනෙකු අද දින UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. දකුණු කොරියානු රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවී තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතාට ඔවුන්ගේ මැතිවරණ බලප්‍රදේශය වන කළාවැව ආසනයේ තඹුත්තේගම කොන්වැවදී ජනතා විරෝධයක් එල්ල වී ඇත.
Read Moreත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජපානයේ වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් හා A 350 එයා බස් ගුවන් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ජපාන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පහක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමස්කෙළිය නඟරයේ පිහිටි සතොස අලෙවි සලෙන් රුපියල් 35/- ට බිත්තරයක් මිළදී ගෙන රුපියල් 65/- ක අධික මිළකට මස්කෙළිය නඟරයේ වෙළඳසල් කීපයක ව්‍යාපාරිකයින් විසින් විකුණන බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව චෝදනා කර සිටිති.
Read Moreපාසල් නිවාඩු කාලය තුළ සම්පූර්ණ මාසික ගාස්තුව ඉල්ලා සිටින පාසල් බස් රථ හිමිකරුවන්ට එලෙස නොකරන ලෙස දන්නවා ඊට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබේ .
Read Moreඔටිසම් තත්ත්වයෙන් පෙළෙන තම 11 හැවිරිදි දරුවා යතුරුපැදියේ පිටුපස තබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඉංගිරිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන්වරයෙකු අද (2දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreකොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා ඉකුත් සමයේදී නතර කර තිබූ බොහෝ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
Read Moreගෙවී ගිය 2023 වසරේදී මෙරටට විදේස් සංචාරකයන් 1,487, 303 කු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Read Moreනැගෙනහිර හා ඌව පළාත්වල දැනට පවතින් වැසි තත්ත්වගේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් හෙට දිනයේදී නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරමුව, දකුණු හා ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම ගාල්ල , ම
Read Moreයුක්තිය මෙහෙයුමට සමගාමීය නව අවුරුද්දේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේදී සිදුකරන ලද වැටලීම් 832 කට අදාළව සැකකරුවන් 808ක් හා සැකකාරියන් 14ක් අත්අඩංගුවට ගත් බව පෙලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මින් සැකකරුවන් 60ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත් සැකකරුවන් 72ක් පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට නියමිත බවත් එම කාර්යාලය පවසයි.
Read Moreයාපනය වඩමාරච්චි නගර්කෝවිල් නැගෙනහිර මුහුදු තීරයට ඊයේ (01) සවස හඳුනාගත නොහැකි යකඩ වස්තුවක් ගොඩගසා තිබුණු බවට ප්‍රදේශයේ ධීවරයින් පවසති.
Read Moreමෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreනිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම පිළිබද කරුණූ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ නිරීක්ෂණයක.
Read Moreඅභිනව අධ්‍යාපන ලේකම් ධුරයට වසන්තා පෙරේරා මහත්මිය පත් ව සිටින අතර නව වසරේ සමාරම්භය ද සනිටුහන් කරමින් ඇය ඊයේ (01දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය.
Read Moreමෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.
Read Moreඅප රටේ පළමු වතාවට නිදහස් ගියරයක වාහනයක් කන්දක් මතට ධාවනය වන අයුරු දර්ශනය වන දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචා ර් ය අතුල සේනාරත්න මහතාට 01 දින හැකි විය.
Read Moreආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් සාකච්ඡාවක් නිදහස් ජනතා සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර පසුගිය දා පැවැත්විණි.
Read Moreඉන්ධන මිල සංශෝධනය වුවද බස් ගාස්තු සංශෝදනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
Read Moreවැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ දිනය වන විට සැකකරුවන් 20742ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. වැටලීම් 20898කින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට එළවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, එතුලින් ගොවියන්ට කිසිදු ලාභයක් නොලැබි ඇති බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ,සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හිටපු සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreදෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති දැනට ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් සුපිරි හෝටල් පරිශ්‍රයක් ඉකුතා (01) වන දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව පොලිස් ආරක්ෂාව මැද කඩා ඉවත් කිරීම සිදුකරනු ලැබිණි.
Read Moreක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් ලියාපදිංචිය අත් හිටවනු ලැබූ ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය ,ශ්‍රි ලංකා ජාතික රෝද සපත්තු සංගමය,ශ්‍රී ලංකා කබඩි සම්මේලනය ,ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණ පැවැත්වීමේ මූලික කටයුතු සඳහාවූ විශේෂ රැස්වීම් පහක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කැඳවා තිබේ.
Read Moreජපානයට රික්ටර් මාපාංකයෙන් 7ක ප්‍රභල භූ කම්පනයක් ඇතිව තිබේ. මේ අනුව සුනාමි අනතුරු අඟවීම් නිකුත් කර ඇති අතර ජපානයේ බටහිර වෙරළට මෙම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Read Moreසෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් එහිදී හාම්පුතා අතින් සහ එරට රැකියා නියෝජිතවරයා විසින් පහර කෑමට ලක් වී රෝගාතුර වූ ශ්‍රී ලාංකික සිව් දරු මවක් ආබාධිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත 01/01 දින උදෑසන පැමිණ සිටියාය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර ව්‍යාපාරයේ යෙදී සිටින චීනයේ සිනෝපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
Read Moreඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.
Read More