මන්ත්රී විශ්රාම වැටුප හා වාහන බලපත්රය අහෝසි කිරීම ගැන හොයන්න කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්ර අහෝසි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්ර අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. කැබිනට් තීරණය අනුව අදාළ කමිටුව පත් කර, ඊට අදාළ පනත් පිළිබඳව සැලකිල්ලට ගනිමින් සහ නීතිමය පසුබිම පිළිබඳව සොයාබලමින් එම නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම එම කමිටුවට පැවරීමට නියමිත බව ද වාර්තා විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (30දා) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන තිබේ. නව රජයේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ (30දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

