saravita-anim2

2025 ජුනි මස 25 වන බදාදා

2025 ජුනි මස 25 වන බදාදා

Latest News - timelapse 2347 hours ago

LATEST

දේශීය ආදායම් මුල් පුටුව සේපාලිකා චන්ද්‍රසේකරට

calendar_today 2024 ජන 04 - 09:50 remove_red_eye - 1038  

දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ 36 වැනි කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්.ඒ්. සේපාලිකා චන්ද්‍ර සේකර මහත්මිය පත්කර තිබේ. එම තනතුරට පත්වීමට පෙර ඇය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළය. පසුගිය 01 දා සිට බල පැවැත්වෙන පරිදි ඇය මෙසේ රාජකාරියට පත්කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රිඩක ඩිල්ෂන් මධුශංක හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ නම් ඇතුළත්ව තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වසය අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, ඊට අනුගත නොවන පුද්ගලයන්ට රු.50,000ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 210 352ක් පැමිණ ඇති අතර එය 2022 වසරේ දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 129ක වර්ධනයකි. මාලදිවයිනට දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 194 690ක් පැමිණ ඇති අතර එය 2022 දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 6ක වර්ධනයකි.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 01/03 දින දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ .

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. එම සංචිතය තුළ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ඇති අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම යළිත් සංචිතයට එක්කර තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට නම් පොලීසිය මීට වඩා ක්‍රමානුකූලව වැඩකළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මෙන්ම ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සමග 2023.01.03 Zoom තාක්ෂණය ඔස්සේ පැවති රැස්විමේදි පැවසීය.

Read More

ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් මේ වනවිට විෂයභාර ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.

Read More

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ . ’’ රොසිය ගුවන් සේවය ’’ මෙසේ නව ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති අතර මෙම ගුවන් ගමන් සදහා බෝයිං - 777 වර්ගයේ ගුවන් යානා සේවයේ යොදවා තිබේ .

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගේපදේශ පිළිනොපදින හෝ එහි සේවාවන්ට බාධාකරන කිසියම් වූ සේවකයෙක් සිටි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත උපදෙස් දී තිබේ.

Read More

විදුලි ගාස්තු අඩු කිරීමේ ‌යෝජනා ලබන සතියේදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

යුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

ආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය

Read More

අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඒ අනුව මෙම ජල ධාරිතාවය යෝදකණ්ඩිය ජලාශයේ සමස්ත ජල ධාරිතාවයට සමාන වන බවත් එසේම තිසාවැවේ ජල ධාරිතාවය මෙන් 05 ගුණයක ඉහළ යාමක් වන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය පෙන්වා දෙයි.

Read More

වර්ෂාව අඩු විමත් සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද අලුයම වසා දමන ලදි.

Read More

ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර යාපනයයේ ගොවීන්ට බෙදා දීමට ගෙන්වනලද බවට පැවසෙන බීජ අර්තාපල් අල ටොන් 20.75 ක ප්‍රමාණයක් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් නරක්වීම හේතුවෙන් ඒම බීජ අරතාපල් සියල්ල වලදමා විනාශ කිරීමට පියවර ගෙන ඇත.

Read More

තමන් වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව විවිධ දේශපාලකයන් ලබා දුන් පොරොන්දු මතකයේ තිබෙන බවත් ඒ සියලු දේශපාලකයන් ජනාධිපති පුටුවට ගිය පසු එම පොරොන්දු අමතක කළ බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියෝ පැවසූහ .

Read More

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

කොළඹ බදුල්ල 99 මාර්ගයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (02) සවස 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.

Read More

පසුගිය වසරේදී අලිඇතුන් 476ක් මියගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත්පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන්කරයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකික තරුණයින් සඳහා අක්කර 2.5ක ඉඩම් කොටසක් ලබාදීමට සඳහා තමන් ජනාධිපති සමග සාකච්ඡා කළ අතර, ඒ සඳහා ජනාධිපතිවරයා එකගතාවය හිමිවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ දින (2024.01.01) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Read More

2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනෙකු අද දින UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. දකුණු කොරියානු රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතාට ඔවුන්ගේ මැතිවරණ බලප්‍රදේශය වන කළාවැව ආසනයේ තඹුත්තේගම කොන්වැවදී ජනතා විරෝධයක් එල්ල වී ඇත.

Read More

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජපානයේ වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් හා A 350 එයා බස් ගුවන් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ජපාන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පහක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මස්කෙළිය නඟරයේ පිහිටි සතොස අලෙවි සලෙන් රුපියල් 35/- ට බිත්තරයක් මිළදී ගෙන රුපියල් 65/- ක අධික මිළකට මස්කෙළිය නඟරයේ වෙළඳසල් කීපයක ව්‍යාපාරිකයින් විසින් විකුණන බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව චෝදනා කර සිටිති.

Read More

පාසල් නිවාඩු කාලය තුළ සම්පූර්ණ මාසික ගාස්තුව ඉල්ලා සිටින පාසල් බස් රථ හිමිකරුවන්ට එලෙස නොකරන ලෙස දන්නවා ඊට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.