“ගොඩනගමු ශ්‍රී ලංකා“ තේමාවෙන් මෙවර 78 වැනි නිදහස් දින සමරු උත්සවය නිදහස් චත්‍රරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read More78 වන නිදහස් දින සැමරුමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.
Read Moreහුණුපිටිය, ගංඟාරාම නවම් පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි. නවම් පෙරහර ලබන 31 දා හා 01 දා වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
Read Moreබස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
Read Moreතණමල්විල 19 කණුව ප්‍රදේශයේදී බලපත්‍ර ලබා නොගෙන, දේශිය හා විදේශීය වෙළඳපොළට සැපයීම සඳහා වයින් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් සොයා ගැනීමට 28 වැනිදා දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම සමත් විය.
Read Moreමැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
Read Moreතැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුමක් එළිදක්වයි තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF), නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම (2026-2030), අද (2026 ජනවාරි 28) දින නිල වශයෙන් දියත් කරන ලදී. මෙහි අරමුණ වන්නේ සියලු ආකාරයේ තැනැත්තන් වෙළඳාම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති දැඩි
Read Moreසිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහතා අද(29) අභාවප්‍රාප්ත විය.
Read Moreකතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreවේයන්ගොඩ පත්තලගෙදර ප්‍ර දේශයේ නිවසක ඇතිවූ හදිසි ගිනි ගැනීමකට හසුවූ ඒම නිවසේ තනිව සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. අවුරුදු 73ක් වන කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබි කදුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් (29) දින හමුවූ බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ආර්.නිරෝෂන් මහතා පැවසීය.
Read More’’මෙම වර්ෂයේ හය වසර දරුවන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අහිමිවන්නේ නැහැ, ඒ නිසා භයවෙන්න එපා,කලබල වෙන්න එපා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරණවා’’ යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (28) පස්වරුවේ දි ගාල්ලේදී පැවසුවාය.
Read Moreමරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු ද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
Read Moreටී 56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීම - කන්තලේ කොට්ඨාස දූෂණ මර්ධන අංශය.
Read Moreමේ වසරේ ජනවාර මස පළමු වැනිදා සිට 25 දා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 223645 පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ආසන්න වශයෙන් දිනකට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාකයන් සංඛ්‍යාව ආසන්න වශවෙන් 8900ක් පමණ වෙයි. ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 41 603කි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පස්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.
Read Moreජපාන රජයේ අරමුදල් සහාය ඇතිව , ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය ( I.O.M.) විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘයක් මගින් , ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා ශ්‍රී ලංකාවේ පළමු , ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control ( E - Gate ) System ) 01/27 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සිදු කෙරුණි .
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් ගමනට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreදිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreහිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එළැඹෙන පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (28) කිරීමට නියෝග කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව ඔහු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
Read Moreගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය යෙක් වන ලුතිතන් කොයාන් චමිත මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ. අද දිනයේදී ඔහු මෙසේ සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.
Read Moreඅම්බලන්ගොඩ , ගලගොඩ සුනාමි ගම්මානයේ ඊයේ රෑ සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයාගේ ඝාතකයන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් අටක් පමණ යෙදවූ බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලීසිය කියයි. වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ ,ගලගොඩ , රොටරි සුනාමි ගම්මානයේම පදිංචි දිමුතු සම්පත් නමැති විසිනව හැවිරිදි තරුණයකු බවද පොලීසිය කියයි.
Read Moreපොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
Read Moreඑංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබේ.
Read Moreරක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද (28දා) නියෝග කර තිබේ
Read Moreඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊවේ පැවැත්වූ රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති අනුපාතය (OPR) වත්මන් මට්ටමේම ඒනම් 7.75% ක් ලෙස පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreඅඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට අඟුලාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය අවුරුදු 24 ක් වූ කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
Read Moreඅස්වැසුම පළමු අදියර සහ දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාවන් මෙන්ම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනා අද (28) දිනයේදී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More