කන්තලේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සූරියපුර පොලිස් වසමේ සකලසූරියගොඩැල්ල ප්රදේශයේ කෑලෑවක සඟවා තිබූ ටී 56 ජීව පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාරයට ගෙන සූරියපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සූරියපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.