saravita-anim2

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

Latest News - timelapse 2020 hours ago

LATEST

පොහොට්ටුවේ නාලකත් මෙවර මැතිවරණයට නෑ

calendar_today 2024 ඔක් 11 - 12:21 remove_red_eye - 1323  

මෙවර මහ මැතිවරණය සදහා තමා ඉදිරිපත් නොවන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකත්වයෙන්ද ඉල්ලා අස්වන බව මාතලේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි/හිටපු සමබ්න්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සදහන් කර තිබේ.

සෞදි අරාබියේ රියාද් නුවර බලා 10/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට , එම යානයේ ගුවන් නියමුවා විසින් පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Read More

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී ඇත.

Read More

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජීප් රථ 02ක්, යතුරුපැදි 02ක් සහ ලොරි රථයක් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (11දා) දහවල් 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ගොවි ජනතාවට අඩු මුදලට ලබාදීම සඳහා වසර හයකට පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 05ක හා තැරැව්කාර ආයතන 08ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (10) නියම කළේය.

Read More

අරුණ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරාට දුරකථනයෙන් එල්ල වී ඇතැයි කියන මරණ තර්ජන සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල (9 වැනිදා) පොලිසියට නියෝග කළේය.

Read More

යුද හමුදාවේ 75වන සංවත්සරයට සමගාමීව, යුද හමුදා නිලධාරින් 139දෙනෙකුට සහ සෙසු නිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී තිබේ.

Read More

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකිරීමට හා දේශපාලන කටයුතුවලින් සමු ගැනීමට තීරණය කළ බව සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාර, එක්සත් ජාතික පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ගෑස් සිලින්ඩර ලකුණින් තරග කිරීමෙන් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට අසාධාරණයක් සිදුවන බවයි.

Read More

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විත්තිකරුවන් රුපියල් කෝටිය බැගින් වටිනා ඇපකරුවන්ගේ බැඳුම්කර මත විත්තිකරුවන් මුදාහැරීමටද අද (10දා) නියම කළේය.

Read More

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Read More

දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය

Read More

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) පොරොන්දු වුහ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බවත් 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි.

Read More

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර තිබේ.

Read More

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන කිසිවෙකු ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Read More

ඊයේ (09) දිනට යෙදී තිබුණු ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළෙලේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිතව ලබාදුන් සමරු තිළිණ

Read More

ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට පාකිස්තානයේ මුල්තාන් හීදී පැවැත්වේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් 10/09 දින පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියේය .

Read More

හිටපු අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ඔහුගේ පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 10 දින පෙරවරුවේ පැවසීය.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිපත් නොවන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නි​වේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස තරුණ ව්‍යාපාරික සරත් ගනේගොඩ පත්කර තිබෙනවා.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් තැබීම අවසන් කර තිබේ.

Read More

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සුජීව සේනසිංහ මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කර අදාළ අර්බුදය විසඳීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.